මහජන බැංකුවේ නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී ලෙස ක්ලයිව් ෆොන්සේකා පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඔහුගේ මූල්‍ය උපදේශකයකු ලබා දුන් උපදෙසකට අනුව මෙම පත්කිරීම සිදුකොට තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
මහජන බැංකුවේ දැනට සේවයේ නියුතු ඉහළ නිළධාරීන් මෙම පත්කිරීමට විරෝධය පළකොට තාවකාලිකව සේවයෙන් ඉවත්වීමට තීරණය කොට තිබුණද ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මැදිහත්වීමෙන් ඔවුන් එම විරෝධය තාවකාලිකව නවතා දමා ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.
භාණ්ඩාගාර මෙහෙයුම් පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි ෆොන්සේකා දේශීය සහ ජාත්‍යාන්තර බැංකුවල වසර 30කට වැඩි පළපුරුද්දක් සහිත ප්‍රවීන බැංකුකරුවකු උවත් මහජන බැංකුවේ සේවය හරහා වක්‍රාකාරව රහස්‍ය මූල්‍ය ගණුදෙනුවල සංවේදී තොරතුරු ඔහු හරහා පුද්ගලික බැංකුවලට ලැබුණහොත් එම බැංකු අනිසි ප්රතිලාභයන් ලබාගන්නා බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අගවා ඇත.
ස්ටෑන්ඩ්ර්ඩ් චාටඩ් බැංකුව සහ ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ ඉහළ තනතුරු හෙබවමින් සිටින ඔහු ඒවායින් තාවකාලිකව ඉවත් වී මහජන බැංකුවේ සේවයට පැමිණ තිබෙන නිසා එම අවධානම තවත් ඉහළ යන බව එම ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මීට ඉහත අවස්ථා කිහිපයකදීද මහජන බැංකුව විසින් බැංකු හා මූල්‍ය සේවා කර්මාන්තය ඉහළ නැංවීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ප්‍රධාන කමිටු කීපයක සාමාජිකයකු ලෙස ෆොන්සේකාගේ සේවය ලබාගෙන තිබුණි.
මෙවැනි පත්කිරීම් විනිවිධභාවයකින් සිදුකිරීමට මූල්‍ය කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්නේ නම් මෙවැනි ගැටළු පැනනොගනින බව CARBON NEWS මාධ්‍ය ඒකකයේ අදහසයි.
ඔබ දරන අදහස පහතින් කොමෙන්ට් කරන්න., වඩාත් නිවැරදි ජාතික ආර්ථික ප්‍රතිපත්ති සකස් කරගැනීමට එම අදහස් වැදගත්වන බව අපගේ අදහසයි.